Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩේසි ආච්චිව නඩුවෙන් නිදහස් කරයි

9 months ago

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට තරම් සුදුසු මානසික මට්ටමක පසුවන්නේද යන්න සොයා බැලීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා කැඳවා තිබූ විශේෂ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා එම වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇය නඩු විභාගයකට පෙනී සිටීමට තරම් නිරෝගී මානසිකත්වයක නොමැති බව වෛද්‍ය නිර්දේශ මගින් තහවුරු වී ඇති බවයි.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව සහ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනාවන්ගෙන් ඇය නිදහස් කිරීමට නියෝග කරනු ලැබීය.