කළුතර වර්නන් ප්රනාන්දු ක්රීඩාංගණයේ පිහිටි අවන්හලක් බිඳ රුපියල් 40,000කට ආසන්න වටිනාකමකින් යුත් ටොෆි සහ චොකලට් තොගයක් සොරකම් කළ දැරියන් තිදෙනෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 13, 14 සහ 15 යන වයස්වල පසුවන පිරිසකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් ළමා නිවාසයක රැඳී සිටින දැරියන් බවයි. ළමා නිවාසයේ යතුර සොරකම් කර අලුයම 1.30ට පමණ ඉන් පිටවී ඇති මොවුන්, අවන්හලේ ඉදිරිපස වීදුරුවට පොල්ලකින් පහර දී එය බිඳ දමා තිබේ.
අනතුරුව එහි තිබූ ටොෆි, චොකලට්, ලොලිපොප් සහ චුයින්ගම් වර්ග පොලිතීන් බෑග්වල දමාගෙන ගොස් ළමා නිවාසයේ සඟවා තබා ඇත.
ප්රදේශයේ සිසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර දැරියන් හඳුනා ගැනීමට පොලීසිය සමත් විය.
කළුතර දකුණ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් සොයාගත් සොරකම් කරන ලද රසකැවිලි තොගය සමඟ සැකකාරියන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
