Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරිල් ගාමිණි පියතුමා කළ ඉල්ලීම

9 months ago

පාස්කු ඉරු දින එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදු කරන ස්වාධීන විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ නොකරන ලෙස සිරිල් ගාමිණී පියතුමන් අද (26) විශේෂ ඉල්ලීමක් කළේය.

අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කළේ, මෙම විමර්ශන දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන පිරිස් පිටුපස නිශ්චිත න්‍යාය පත්‍ර පවතින බවයි. විමර්ශන කඩාකප්පල් කිරීම යනු ඝාතනයට ලක්වූ 300කට අධික පිරිසට සහ ආබාධිත වූ වින්දිතයන්ට සිදු කරන මහා අපරාධයක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

“මේක පිටුපස තියෙන සත්‍යය සොයා ගැනීම කියන්නේ රටේ නීතිය ක්‍රියාත්මක වන බවට ලැබෙන සහතිකයක්. දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණාද නැද්ද යන්නත්, තිබුණා නම් ඒ කවුද යන්නත් අප හෙළි කරගත යුතුයි. ඒ නිසා කරුණාකර විමර්ශනවලට බාධා නොකර ඉවසීමෙන් බලා සිටින්න,” යැයි පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.