Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉඩම මැන අවසන් වූ සැණින් සහෝදරයින් අතර ගැටුමක්! බාල සහෝදරයා දිවියෙන් සමුගනී!

9 months ago

ඇල්පිටිය, බටුවන්හේන ප්‍රදේශයේ පවුල් දෙකක් අතර පැවති ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන්, වැඩිමහල් සහෝදරයා කළ පහරදීමකින් බාල සහෝදරයා මියයාමේ ශෝකජනක පුවතක් අද (26) වාර්තා විය.

ඇල්පිටිය, බටුවන්හේන පොල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සහෝදරයන් දෙදෙනා අතර කාලයක සිට ඉඩම් ආරවුලක් පවතී. අද පෙරවරු 11ට පමණ අදාළ ඉඩම මැනීම සඳහා මිනින්දෝරුවන් පැමිණ ඇති අතර, මිනුම් කටයුතු අවසන් වීමෙන් පසු දෙදෙනා අතර දැඩි බහින්බස් වීමක් හටගෙන තිබේ.

බහින්බස් වීම උත්සන්න වීමත් සමඟ කෝපයට පත් වැඩිමහල් සහෝදරයා අසල තිබූ කුරුඳු පොල්ලකින් බාල සහෝදරයාට පහර දී ඇත. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා බිම ඇද වැටුණු පුද්ගලයා පවුලේ ඥාතීන් එක්ව වහාම ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 73 හැවිරිදි පස්දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පහරදීම සිදුකළ සැකකාර වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකය.