Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයක ගැටී පදික කාන්තාවක මරුට

9 months ago

මහනුවර – යාපනය (A9) ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය නගර මධ්‍යයේදී ඊයේ (25) සිදුවූ රිය අනතුරකින් පදික කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව මැදවච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පවසන පරිදි, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක්, මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය වහාම මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඇය කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

අනතුර සිදුවීමත් සමඟ බස් රථයේ රියදුරු සහ රිය සහායක බස් රථය එම ස්ථානයේම දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.