Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොණ්ඩා හා රැවුල කැපීමට පාලන මිලක් පැනවූ ප්‍රදේශය

9 months ago

මුතූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සියලුම කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථාන සහ රූපලාවණ්‍යාගාර සඳහා නව නීති රීති මාලාවක් සහ ස්ථාවර මිල ගණන් ඇතුළත් නිල නිවේදනයක් ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 16 වනදා පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුව, පෙබරවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව රෙගුලාසි පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිවේදනයේ ඇති සුවිශේෂී කරුණක් වන්නේ පාසල් සිසුන්ගේ කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් පනවා ඇති දැඩි නීතියයි. පාසල් විනයට පටහැනි, නුසුදුසු යැයි සැලකෙන විවිධ මෝස්තර (Styles) දැමීම සහ වර්ණ ගැන්වීම් (Coloring) සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. කොණ්ඩා සැකසීමේදී පාසල් නීතිවලට අනුකූල මෝස්තර පමණක් සිදු කිරීමට කොණ්ඩා මෝස්තර ශිල්පීන්ට උපදෙස් දී ඇත.

ප්‍රාදේශීය සභාව විසින් නියම කර ඇති නව ස්ථාවර මිල ගණන් පහත දැක්වේ.

කොණ්ඩය කැපීම: රු. 300.00

රැවුල බෑම: රු. 200.00

රැවුල සැකසීම (Design): රු. 300.00

හිස මුඩු කිරීම: රු. 300.00

කොණ්ඩය කැපීම සහ රැවුල බෑම: රු. 500.00

කොණ්ඩය සහ රැවුල සැකසීම: රු. 600.00

පාසල් සිසුන් සඳහා විශේෂ සහන මිල ගණන්:

අවුරුදු 10 ට අඩු සිසුන් සඳහා: රු. 200.00

අවුරුදු 10 ට වැඩි සිසුන් සඳහා: රු. 250.00

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) නියම කර ඇති සෞඛ්‍ය ප්‍රමිතීන් උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, 2026 මාර්තු 5 වන දිනට පෙර වලංගු වෙළඳ බලපත්‍රයක් ලබා නොගන්නා සියලුම ස්ථාන වසා දැමීමට කටයුතු කරන බවත් සභාපතිවරයා සහ ලේකම්වරයාගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාලනය යටතේ පවතින මුතූර් ප්‍රාදේශීය සභාවේ මෙම තීරණය මේ වන විට ප්‍රදේශයේ සැලකිය යුතු කතාබහකට ලක්ව තිබෙනවා.