මෙරට සියලුම විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා දැනට ලබාදෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව, පූර්ණ උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව වැඩපිළිවෙළට අදාළ සාකච්ඡා මේ දිනවල ක්‍රියාත්මක වන බවයි. මෙහි මූලික පියවරක් ලෙස විද්‍යාපීඨ විෂය මාලාව ද වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇත.
මෙම පියවර මගින් ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, ගුරුවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත උසස් අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමටත් අවස්ථාව හිමි වනු ඇත.
