දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
කෙසේ වෙතත්, දකුණු පළාතේත්, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව, අළුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ
