Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලයෙක් දිය රකුසාට බිලි වෙයි! තවත් අයෙක් අතුරුදන්!

9 months ago

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති බව බෙන්තොට පොලිසිය පවසයි. ඊයේ (26) සවස් කාලයේදී මෙම අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකු වන අතර, අතුරුදන්ව ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකි. මොවුන් දෙදෙනාම බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.