රජයේ ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ජනතාවට එම ඉඩම්වල පරම අයිතිය පවරා දෙන ‘හිමිකම’ ජාතික වැඩසටහන අද (27) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී ආරම්භ වේ.
අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම සමාරම්භක උත්සවයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500 දෙනෙකු වෙත නිදහස් ප්‍රදාන පත්‍ර පිරිනැමේ.
වසර ගණනාවක් පුරා ඉඩම්වල පරම අයිතිය නොමැති වීමෙන් පීඩා විඳි ගොවි ජනතාවට මෙමගින් සිය භූමිය නීත්‍යානුකූල දේපළක් ලෙස භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.
