කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා භාර දෙන ලදී.
ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
නඩු විභාගය ආරම්භ කරමින් විනිසුරුවරිය නියෝග කළේ විත්තිකරුවන් සියලු දෙනාටම වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම තහනම් කරන ලෙසයි.
ඒ අනුව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර වහාම අධිකරණ භාරයට ගැනීමට ද පියවර ගන්නා ලදී.
අධිචෝදනා භාර දීමෙන් අනතුරුව, එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අතිරේක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
රජයේ ඉඩම් අනිසි ලෙස පරිශීලනය කිරීමේ අරමුණින් කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි. මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර යන හිටපු දේශපාලනඥයන්ට අමතරව තවත් සිව් දෙනෙකු මෙහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
