Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්ට දැනුම්දීමක්

9 months ago

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත ලබාදුන් රුපියල් 3000 ක පාවහන් තිළිණපත් (Shoe Vouchers) භාවිත කිරීමේ කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම තිළිණපත්වල වලංගු කාලය හෙටින් (පෙබරවාරි 28) අවසන් වීමට නියමිතව තිබුණද, පවතින අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එය 2026 මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව, මෙතෙක් තිළිණපත් ලබා නොගත් හෝ ඒවා භාවිතා නොකළ ප්‍රතිලාභීන්ට ඉදිරි දින කිහිපය තුළ පාවහන් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.