Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට කාලගුණ අනාවැකිය

9 months ago

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට (28) පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (27) පස්වරු 2.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව, ඉහත සඳහන් දිස්ත්‍රික්ක කිහිපය හැරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝ දුරට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර (පස්වරු 2.00න් පසු).අලුයම් කාලයේදී දිවයිනේ තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් වඩාත් සැලකිලිමත් වන ලෙස දැනුම් දෙනු ලැබේ.