Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබෙයි

9 months ago

ඉන්දියාවේ මුම්බායි නුවරදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’, දින 07ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ඒමෙන් පසු ඔහු ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාර කෙරුණු අතර, එහිදී ඔහුට එරෙහිව පවතින මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.