Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

CID භාරයේ සිටි ‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

9 months ago

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවූ ‘කමාන්ඩෝ සලින්ත’ නමැත්තා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින මොහු, අද පෙරවරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරන ලදී.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් එදිනට විමර්ශනවල වැඩිදුර ප්‍රගතිය වාර්තා කරන ලෙසද දැනුම් දුන්නේය.