Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කළුතර රබර් භාණ්ඩ ගබඩාවක ගින්නක්! වාහන කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශයි

9 months ago

කළුතර දකුණ පොලිස් වසමේ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක අද (27) හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් ගබඩාව තුළ තිබූ රබර් නිෂ්පාදන ඇතුළු දේපළ රැසකට බරපතල හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

ගබඩාව තුළ තිබූ රබර් නිෂ්පාදන තොගයක් මුළුමනින්ම විනාශ වී ඇත.අසල ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.ගින්න යාබද නිවසකට පැතිර යාමේ අවදානමක් පැවති අතර, ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී එම නිවසේ භාණ්ඩ ඉවත් කිරීමට කටයුතු කර ඇත.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට සමත් විය.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.