Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිය බිරිඳ මරා කසළ වළකට දැමූ අයෙකු කොළ නැති ගහට නියම වෙයි

9 months ago

රිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේදී සිය බිරිඳට මිරිස් ගලකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකුට ගම්පහ මහාධිකරණ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පූලි මහතා අද (27) මරණ දඬුවම නියම කළේය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ උපුල් පියංකර නමැති අයෙකුටය.

2008 ඔක්තෝබර් මස 4 වනදා හෝ ඊට ආසන්න දිනකදී මෙම ඝාතනය සිදුව ඇත. නිදන කාමරය තුළදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු සිය බිරිඳට මිරිස් ගලකින් පහර දී තිබේ. ඝාතනයෙන් පසු ඇයගේ සිරුර නිවස පිටුපස තිබූ කසළ වළකට දමා තිබියදී කිරිඳිවැල පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව නිගමනය කළ විනිසුරුවරයා, ජනාධිපතිවරයා නියම කරන දිනයකදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස නියෝග කළේය.