Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම්

9 months ago

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාලයක සිට පුරප්පාඩුව පැවති උසස් තනතුරු කිහිපයක් සඳහා නව නිලධාරීන් පත් කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට අනුව සිදුකළ මෙම පත්වීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (26) සිදු විය.

නව පත්වීම් ලැබූ නිලධාරීන්:

  • නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඒකාබද්ධ කළමනාකරණ): රමේෂා ද සිල්වා මහත්මිය
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් නිරුපද්‍රිතතා රෙගුලාසි): ලසන්ත දහනායක මහතා
  • අධ්‍යක්ෂ (ගුවන් ආරක්ෂක): ප්‍රදීප් වර්ණසූරිය මහතා
  • ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක (ගුවන් යානා මෙහෙයුම්): ෂෙහාන් වත්තේවැව් මහතා

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි පිරිනැමීම සිදුකළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.