Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘දිට්වා’ නිසා මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපති එක්වෙයි

9 months ago

පසුගිය ‘දිට්වා’ ආපදාව හේතුවෙන් නෙළුම්මල ගම්මානයේදී අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වූ පුද්ගලයන් 31 දෙනා ඇතුළු විපතට පත් සැමට පින් අනුමෝදන් කිරීමේ තෙමස් පූර්ණ දානමය පින්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (27) පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි.

මහනුවර, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක් නායයෑමට ලක්වීමෙන් පවුල් 13කට අයත් මෙම පිරිසට සිය ජීවිත අහිමි වූ අතර, ඔවුන් සිහිකරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණි.

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර, ඊට සමගාමීව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පින්කමක් සහ පිරිත් දේශනයක් ද සංවිධානය කර තිබිණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියහ.