පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර හිමිව තිබේ.
ඉකුත් බදාදා (25) පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සිය රාජකාරි කටයුතු සඳහා යමින් සිටියදී ඒ මහතා මෙලෙස අත්අඩංගුවට පත්වූ අතර, ප්‍රහාරයට අදාළව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු විමර්ශනය කිරීම සඳහා මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
