Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රබලයින් රැසකට දිවි අහිමි වෙයි

9 months ago

ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකදී ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සහ විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මහාධිකාරීවරයා ඇතුළු ඉහළම පෙළේ හමුදා ප්‍රධානීන් රැසක් ඝාතනය කර ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඊශ්‍රායල හමුදා වාර්තාවලට අනුව, මෙම මෙහෙයුමේදී ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා, IRGC අණදෙන නිලධාරියා, උත්තරීතර නායකයාගේ ආරක්ෂක උපදේශක සහ හමුදා කාර්යාංශ ප්‍රධානියා ඇතුළු ප්‍රබල නිලධාරීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මීට අමතරව ඉරාන හමුදා තාක්ෂණ කාර්යාංශයේ (SPND) වත්මන් සහ හිටපු සභාපතිවරුන් මෙන්ම ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයේ බුද්ධි ප්‍රධානියා ද මියගිය පිරිස අතර වෙති.

ඉරානයේ ආරක්ෂක ප්‍රතිපත්ති, හමුදා තාක්ෂණය සහ බුද්ධි මෙහෙයුම් මෙහෙයවන ප්‍රධාන පෙළේ නායකයන් සියලු දෙනාම පාහේ එකම මෙහෙයුමකදී මෙලෙස ඝාතනය වීම ඉරාන ඉතිහාසයේ එල්ල වූ දරුණුතම පහරක් ලෙස සැලකේ.