මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර ගැටුම්කාරී තත්ත්වය හමුවේ වුවද, ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් කිසිදු අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි.
පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාර්තු මස 02 වනදා දක්වා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඊශ්‍රායලය විසින් ඉරානයේ තෝරාගත් ස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව උද්ගත වූ තත්ත්වය මත, ඊයේ පෙරවරුවේ සිට වික්ටෝරියන් ගුවන්තොටුපළේ ආගමන හා විගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි මගීන්ට නැවත සිය වාසස්ථාන කරා යාමට සිදු වූ අතර, කොළඹ සිට ඊශ්‍රායලය බලා පැමිණීමට සිටින පිරිසට ද ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් ශ්‍රී ලංකාවේම රැඳී සිටීමට සිදුවන බව තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රකාශිත හදිසි තත්ත්වය හමුවේ මාර්තු මස 02 වනදා පස්වරුව දක්වා ඊශ්‍රායලයේ පාසල් ඇතුළු පොදු ස්ථාන වසා තැබෙනු ඇත. කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, අද උදෑසනින් පසු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල වීම අවම වී ඇති බවත් වාර්තා වේ.
ඉරානයේ පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉදිරි දිනක හෝ දෙකක කාලය තුළ මෙම නොසන්සුන්කාරී වාතාවරණය සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
