එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ලාංකිකයන් තුන් ලක්ෂ පනස්දහසක් පමණ වෙසෙන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විදේශ කටයුතු, ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සමඟ සෘජු හා අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව තානාපතිනිය අවධාරණය කළාය.
පවතින හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා තානාපති කාර්යාලය විසින් විශේෂ සහාය සේවාවක් ද මේ වන විට ස්ථාපිත කර ඇත.
ආරක්ෂිත ස්ථාන, ගමනාගමන සීමා සහ ගුවන්තොටුපොළ ප්රවේශයන් පිළිබඳ නවතම තොරතුරු තානාපති කාර්යාලයේ සහ ඩුබායි කොන්සියුලර් කාර්යාලයේ නිල ෆේස්බුක් (Facebook) පිටු හරහා නිරන්තරයෙන් යාවත්කාලීන කරන බව ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම මේ මොහොතේ එමීර් රාජ්‍යය හරහා සංචාරය කරන හෝ මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් තම ගුවන් සේවාව සහ සංචාරක නියෝජිතයන් සමඟ සමීපව කටයුතු කළ යුතු බව ද ඇය සඳහන් කළාය.
අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිල පුවත් සහ ප්‍රකාශ පමණක් විශ්වාස කරන ලෙසත්, ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම එමීර් රාජ්‍යයේ බලධාරීන් සමඟ එක්ව ගනිමින් සිටින බවත් තානාපතිනි අරුෂා කුරේ මහත්මිය වැඩිදුරටත් සහතික වූවාය.
