Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරටින් පිටත් වීමට නියමිත මැදපෙරදිග ගුවන් ගමන්වාර අදත් අවලංගු කෙරේ

9 months ago

මැදපෙරදිග ගුවන් කලාපය වසා දැමීම සහ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග කලාපයේ විවිධ ගමනාන්ත දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (02) දිනයේදී ද අවලංගු කිරීමට ගුවන් සමාගම් පියවර ගෙන තිබේ.

ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ යුද ගැටුම් ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ගතවූ දින කිහිපය තුළ පමණක් මැදපෙරදිග සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් ගමන් වාර 115ක් අවලංගු වී ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යාමට සිටි පිරිස් මෙන්ම මෙරටට පැමිණීමට සිටි ලාංකිකයන් දහස් ගණනක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. ඇතැම් ගුවන් සමාගම් විකල්ප ගුවන් මාර්ග භාවිතා කරමින් සීමිත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කිරීමට උත්සාහ කළ ද, ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ ගුවන් කාලය වැඩිවීම හේතුවෙන් බොහෝ සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇත.

ගුවන් මගීන්ට උපදෙස් ලබා දෙන්නේ ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර තමන්ගේ ගුවන් ගමන පිළිබඳ තොරතුරු අදාළ ගුවන් සමාගමෙන් හෝ සංචාරක නියෝජිතයාගෙන් විමසා තහවුරු කරගන්නා ලෙසයි.