Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ගුවන් ගමන් ගැන අලුත්ම දැනුම්දීම

9 months ago

මැදපෙරදිග උණුසුම් යුද වාතාවරණය හමුවේ වසා දැමුණු ගුවන් කලාපයන්ගෙන්, යුද ගැටුම් පවතින කලාපය හැර සෙසු සියලු ගුවන් ගමන් මේ වන විට යළි ආරම්භ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඇතැම් ගුවන් කලාප සීමිත ගුවන් වාර සඳහා පමණක් විවෘත කර ඇති අතර, මැදපෙරදිග කලාපය කරා යන සහ එන සියලු ගුවන් ගමන් අද (02) රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇති බව අමාත්‍යවරයා තහවුරු කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, යුදමය තත්ත්වය හේතුවෙන් විවිධ විදේශීය ගුවන්තොටුපොළවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.

එමෙන්ම, මෙරටින් පිටව යාමට නොහැකිව රැඳී සිටින මගීන්ට අවශ්‍ය වීසා සහ අනෙකුත් පහසුකම් රජය මැදිහත්ව සපයා දී තිබේ.

වරාය මෙහෙයුම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, දැනට මෙරටට පැමිණීමට නියමිත නැව්වලට බාධාවක් එල්ල වී නොමැති බවයි.

එමෙන්ම නැව් කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරාය වෙත පැමිණීමට පහසුකම් ඉල්ලා ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලු සූදානම වරාය අධිකාරිය සතු බව ද ඔහු අවධාරණය කළේය.