ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙරට පවතින සීමිත ගෑස් ගබඩා ධාරිතාව හේතුවෙන් වරින් වර මෙවැනි අර්බුද පැන නගින බවයි. ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 8,000ක් වන අතර, එය රටේ දෛනික අවශ්‍යතාව අනුව සතියක කාලයකට පමණක් සෑහෙන බවත්, දෛනික ඉල්ලුම මෙට්‍රික් ටොන් 1,200 සිට 1,800 දක්වා ඉහළ ගියහොත් දින 5ක් ඇතුළත සැපයුම අඩාල වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
දැනට පවතින ක්‍රමය අනුව විශාල නෞකා මාලදිවයිනේ නතර කර, එතැන් සිට කුඩා නෞකා මගින් මෙට්‍රික් ටොන් 8,000 බැගින් ගෑස් මෙරටට රැගෙන ඒමට සිදුව ඇති බව පැවසූ ජනාධිපතිවරයා, මෙම දුර්වල සැපයුම් පද්ධතිය වහාම වෙනස් කළ යුතු බව අවධාරණය කළේය. එසේම, වෙළෙඳපොළේ පවතින සිලින්ඩර් හිඟයට පිළියමක් ලෙස අලුත් ගෑස් සිලින්ඩර් 100,000ක් රැගත් නෞකාවක් මාර්තු 12 වනදා මෙරටට පැමිණීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
මෙම අර්බුදය තේරුම් ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා, ඉදිරියේදී ගෑස් සහ තෙල් සම්බන්ධයෙන් බරපතල හිඟයක් ඇති වීමට පවතින ඉඩකඩ ඉතා අවම බවට ද සහතිකයක් ලබා දුන්නේය.
