Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි

9 months ago

සාධාරණ පරීක්ෂණයකින් තොරව සහ වැටුප් රහිතව සිය වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීති විරෝධී බව පවසමින් චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 සහ 19 යන දිනවල කැඳවීමට අභියාචනාධිකරණය අද නියම කළේය.

චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට බලය ඇත්තේ පත්වීම් බලධාරියා වන පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පමණක් බවයි. පාර්ලිමේන්තු උපදේශක කමිටුවට එවැනි බලයක් නොමැති බවත්, වැඩ තහනම් කිරීමේදී වැටුප් නතර කිරීම නීතියට පටහැනි බවත් ඔහු තර්ක කළේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, මෙම නඩුවට අදාළ නිරීක්ෂණ ලබා ගැනීමට සහ සීමිත විරෝධතා ගොනු කිරීමට අධිකරණයෙන් කාලය ඉල්ලා සිටියාය.

කතානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදු විය.