පොලිස් විශේෂ කාර්ය බලකායේ පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (02) මල්වතුහිරිපිටිය, බුත්පිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත. එහිදී බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන වැඩි මිලට ඩීසල් අලෙවි කරමින් සිටි ලීටර් 413 ක තොගයක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බුත්පිටිය, අරමංගොඩ උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ ඩීසල් තොගය මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පැතිර යන කටකතා ප්‍රයෝජනයට ගනිමින් මෙලෙස ජාවාරම් සිදුකරන පුද්ගලයින් සොයා වැටලීම් දැඩි කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
