මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් සීමිත කාලසීමාවන් සඳහා යළි ආරම්භ කරමින්, අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පළමු ගුවන් යානා දෙක පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව Fits Air ගුවන් සේවයට අයත් යානයක් පස්වරු 1.20 ට ඩුබායි බලා ද, Air Arabia ගුවන් සේවයට අයත් යානයක් සවස 4.45 ට සාජා නුවර බලා ද පියාසර කර ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානා දෙකෙහි මගීන් 91 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු ගමන් කර ඇති අතර, කලාපීය ගුවන් සීමාවන් සීමිත වේලාවකට විවෘත කිරීම මෙම පියාසර කිරීම්වලට අවස්ථාව සලසා දී ඇත.
ඉදිරි දිනවලදී මැදපෙරදිග කලාපයේ සෙසු ගුවන් ගමන් ද ක්රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ගුවන් තොටුපොළ බලධාරීන් අපේක්ෂා කරන බව ගුවන් සේවා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
