ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ව්‍යාජ රැකියා ඒජන්සියක් වටලා, පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ සහ ව්‍යාජ සහතික සකස් කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ.
කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය, ජපානයේ ඉදිකිරීම් සහ හෝටල් ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 750,000 බැගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
උපායදූතයෙකු යොදා ගනිමින් සිදුකළ මෙම වැටලීමේදී, සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල ව්‍යාජ උපාධි සහතික සහ සේවා සහතික කූට ලෙස සකස් කරන බව හෙළිවී තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක පරීක්ෂා කිරීමේදී එවැනි ව්‍යාජ සහතික ආකෘති (Templates) රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් අතර, එහිදී ඔවුන්ට දැඩි ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනමක් පැනවීමට අධිකරණය පියවර ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම සාර්ථක වැටලීම මෙහෙයවා ඇත.
