රුපියල් 50,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (03) නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය.
සේවය හැර ගොස් නැවත සේවයට එක් වූ පුද්ගලයෙකුගේ පත්වීම් කාලය දීර්ඝ කර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ අතර, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීම මුදල් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
