Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු නිලධාරිනියගේ ලිංගික හිංසන පරීක්ෂණ වාර්තාව එළියට

9 months ago

පාර්ලිමේන්තු නිලධාරිනියකට එල්ල වූ බව කියන ලිංගික හිංසන චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන මෙම හිංසනය පිළිබඳව බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කළේ 2025 ජූලි 25 වැනිදායි.

එම තීරණයට අනුව විශ්‍රාමික මහධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් අදාළ විමර්ශනය මෙහෙයවන ලැබුවා.

ඇය විසින් සකස් කරන ලද අවසන් වාර්තාව 2025 නොවැම්බර් 24 දින කථානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

2026 පෙබරවාරි 19 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ එකඟතාවය මත එම වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණා.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙම වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා එහි පිටපතක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නා.