Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි

9 months ago

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබෙනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කිරීමට 2025 පෙබරවාරි 24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂා තුනෙන්ම සකස් කරන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය (අනුමැතිය) මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව විධිමත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.