දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) පස්වරුවේ වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව ඌව සහ සබරගමුව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද දන්වා ඇත.
