Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකදී මෙරටට සිදුවන පාඩුව

9 months ago

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. විදේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙම පාඩුවට ප්‍රධාන හේතුව වී තිබේ.

මැදපෙරදිග ගුවන් කලාපය සීමිත කාලයකට විවෘත වූ අවස්ථාවේදී ෆිට්ස් එයාර් (FitsAir) ගුවන් සේවයට අයත් යානයක් මගීන් 47ක් සහ කාර්ය මණ්ඩලය 10ක් සමඟ ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

මගීන් 44ක් සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සමඟ එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් යානයක් ද ඊයේ පස්වරුවේ කටුනායකින් පිටත්ව තිබේ.

මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මීට පෙර ලබා දී තිබූ සති දෙකක වීසා සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.