බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනා දෙකකට වරදකරු වූ 61 හැවිරිදි නීතිඥවරියකට කොළඹ මහාධිකරණය අද (05) වසර 12ක ලිහිල් සිරදඬුවම් නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා දෙකම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, එක් එක් චෝදනාවට වසර 06 බැගින් මෙම දඬුවම නියම විය.
කෙසේ වෙතත්, එම දඬුවම් දෙකම එකවර ගෙවී යන පරිදි වසර 06කින් අවසන් විය යුතු බවට විනිසුරුවරිය නියෝග කළාය.
වරදකරු වූ මෙම නීතිඥවරිය දෙදරු මවක බව නඩු විභාගයේදී අනාවරණය විය.
