Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන නෞකාවේ ළමයි ඉන්න බවට සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා බොරු කියලා! ඇත්තම කතාව ජනපති හෙළි කරයි!

9 months ago

මේ මොහොත වන විට දරුවන් 300ක් සිටින නෞකාවක් මෙරට දේශ සීමාව තුළ, රජයට උපකාර කිරීමේ සීමාවක පවතින බවට සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඊයේ (05) විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශයකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද කියා සිටියා.

එම නෞකාවේ සිටිනවා යැයි සඳහන් කළ ළමුන් 300 දෙනා සම්බන්ධයෙන් රාජ්‍යයක් වශයෙන් කටයුතු නොකරන බව විපක්ෂය විසින් ජනතාවට ඒත්තුගැන්වීමට ගොතන ලද ප්‍රවෘත්තියක් බවද ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“මට මතකයි දිට්වා සුළි කුණාට්ව කාලයේදී කලා ඔය ආසන්නයේ බස් රථයක් සිර වී තිබුණට පස්සේ මා දැක්කා විනාඩියෙන් විනාඩිය සමහර මන්ත්‍රීවරුන් පෝස්ට් නිකුත් කරන්න පටන් ගත්තා දැන් “මේ විදිහ, අර විදිහ, දැන් ජනේලය ළඟට වතුර ඇවිල්ලා, ජනතාව වහලේ උඩ” වගේ දේවල්. හැබැයි අපි ඔකද කළේ? අපි ඒ කිසිවක් සැලකිල්ලට භාජනය නොකර අපේ වගකීම අපි කලා රාජ්‍යයක් හැටියට. දැනුත් මම දැක්කා ළමයි 300ක් පිළිබඳ සාකච්ඡාවක්. මම කිව්වා දැන් ඔබට ඒ නැවේ ඉන්නේ කවුද කියලා. 208ක් ඉන්නවා. මීට අමතරව කාර්‍ය මණ්ඩලය ඉන්නවා. ඉතින් මේක තමයි ඇත්ත. දැන් ඉන්නේ කැඩෙට් නිලධාරීන්, ජේෂ්ඨ නාවිකයින් සහ නාවිකයින්. ඒ නිසා මම හිතනවා හැමවිටම මෙතන දෙශපාලනයක් තිබුණා. ඒක අපි තේරුම්ගන්න ඕනේ. එයා කියන්නේ මොක්කද? රාජ්‍යය්ක් තියෙනවා.ළමයි එහෙන් ඉන්නවා. ඒ රාජ්‍ය ළමයි ගැන නොහිතා වැඩ කරනවා කියලා. ඔවුන් දන්නවා ඔවුන් විසින් කරන මේ කතාව තව මොහොතෙන් අසත්‍යක් වන බව. හැබැයි මොකද කරන්නේ? එය අසත්‍යක් වුණත් එය දන්නේ නැහැ වගේ නැවත අර වගේ ප්‍රවෘත්තියක් හදනවා.”