Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන් දෙදෙනෙක්ට එකවර දිවි අහිමි කළ ඛේදවාචකය

9 months ago

මදුරන්කුලිය පොලිස් වසමට අයත් කිලාමඩුච්චේන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ පාපැදියක් ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පාපැදියේ ගමන් කළ පිරිමි ළමුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 08 සහ 13 යන වයස්වල පසුවූ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකි.

අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය මදුරන්කුලිය දෙස සිට රණවිරු වසන්ත මාවත ඔස්සේ කුරුඤ්ඤංවැටිය දෙසට ධාවනය වී ඇති අතර, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි දරුවන් දෙදෙනා ගමන් කළ පාපැදිය ලොරියේ ගැටී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා වහාම පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, එහිදී ඔවුන් මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මදුරන්කුලිය පොලිසිය විසින් අනතුරට හේතුව සහ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.