Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වන්දනාකරුවන් රැගත් බෝට්ටුවක් යාපනය ගුරුනගර් තොටුපොළේදී පෙරළෙයි

9 months ago

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් අද (06) පෙරවරුවේ ඉතා කනගාටුදායක පුවතක් වාර්තා වේ. පාලෙයිතිව් දූපතේ වාර්ෂික මංගල්‍ය උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් ගුරුනගර් තොටුපොළ ආසන්නයේදී පෙරළී යාමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ වන්දනාකරුවන් පිරිසක් සිට ඇති අතර, ඉන් පුද්ගලයින් කිහිපදෙනෙකු දියේ ගිලී ඇති බව වාර්තා වේ. මේ වන විට එම පිරිස බේරාගැනීම සඳහා ප්‍රදේශවාසීන්, ධීවරයින් සහ ආරක්ෂක අංශ එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.

පාලෙයිතිව් මංගල්‍යය වෙනුවෙන් අද දින යාපනයේ සිට බැතිමතුන් විශාල පිරිසක් මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටින අතර, මෙම අනතුරට හේතුව අධික බර පැටවීමද නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දියේ ගිලුණු කිහිපදෙනෙකු දැනටමත් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි.