Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන් 

9 months ago

ඩ්‍රෝන යානා (Drones) භාවිත කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු රැස් කිරීම සහ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට අනුව, මෙම පියවර ගැනීමේ ප්‍රධාන කරුණු මෙසේය:

ඩ්‍රෝන යානා මගින් සංවේදී තොරතුරු රැස් කිරීමේ සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ඒවා යොදාගැනීමේ අවදානම හඳුනාගෙන ඇති බැවින්, එවැනි තත්ත්වයන් වැළැක්වීම කාලීන අවශ්‍යතාවක් බව පොලිසිය පෙන්වා දෙයි.

මෙරටට ඩ්‍රෝන යානා ආනයනය, වෙළඳාම සහ ක්‍රියා කරවීම 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව සිදුවිය යුතුය.

ඇතැම් ආයතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි අනීතික ලෙස ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් ආනයනය කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඩ්‍රෝන යානා අලෙවි කරන, අලුත්වැඩියා කරන සහ පවත්වාගෙන යන ස්ථාන පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙසත් පොලිස්පතිවරයා නියෝග කර තිබේ.