Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන විදේශ ඇමති ලංකාවට තුති පුදයි

9 months ago

ඇමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරාගෙන ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ඉරාන රජය ශ්‍රී ලංකාවට සිය නිල ස්තූතිය පළ කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් මෙම කෘතඥතාව පළ කර ඇත.

පසුගිය බදාදා ගාල්ල වරාය නගරයට නාවික සැතපුම් 19ක් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් මෙම නෞකාව ගිලී ගිය අතර, එම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉරාන නෞකා සහ ඒවායේ සේවය කරන පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙරටේ අමාත්‍යවරුන් මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.