Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන් හමුදා 75 වන සංවත්සර ප්‍රදර්ශනයට එක් වූ ජනපති

9 months ago

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනයේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

විශේෂ ගුවන් සංදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වුණා.

සංවත්සර උත්සවය මෙන්ම ප්‍රදර්ශනය හා ගුවන් සංදර්ශනය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදීයි.

ගුවන් හමුදා කඳවුරට ගිය ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාරය සහිතව අභිමානවත් අයුරින් පිළිගත්තා.

ජනාධිපතිවරයා විශේෂ ගුවන් සංදර්ශනය ද නැරඹීමට එක්වුණා.

මෙම පරිශ්‍රයේ ඇති ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපතිවරයා ක්‍රියාකළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වසරක සේවාව ජනතාව සමග බෙදා ගැනීමේ අරමුණින් යුතුවයි ප්‍රදර්ශනය හා සංදර්ශනය සංවිධාන කර ඇත්තේ.

ගුවන් තාක්ෂණයට වැදගත්වන කුටි රැසකින් ප්‍රදර්ශනය සමන්විතයි.

ගුවන් හමුදාව සතු යානා සමීපව දැක ගැනිමට හා ඒවා පිළිබද තාක්ෂණික තොරතුරු දැන ගැනීමට ද අවස්ථාව උදාකර දී තිබුණා.

ගුවන් කරනම් සංදර්ශන , රාත්‍රී ඩ්‍රෝන සංදර්ශන ඇතුළු බොහෝ අංග ප්‍රදර්ශනයට ඇතුලත්.

එය හෙට සහ අනිද්දා යන දිනවලදී ද පැවැත්වෙනවා.

ඒ පස්වරු දෙකේ සිට රාත්‍රී 10 දක්වායි.