ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු දිග ප්‍රදේශවලට එල්ල කරන මිසයිල ප්‍රහාර ඉහළ ගොස් ඇති බැවින්, එම ප්‍රදේශවල සිටින ලාංකිකයන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව තානාපති නිමල් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
විශේෂයෙන්ම හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත් සහ තිබෙරියා යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ප්‍රහාර මෙන්ම රට අභ්‍යන්තරයේ ඇති විය හැකි ප්‍රකෝපාකාරී සිදුවීම් පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී ඇත.
