Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

9 months ago

ජා ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කරගනිමින් අද (07) අලුයම 1:25ට පමණ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහිදී ඉලක්ක කළ නිවසට අමතරව අසල පිහිටි තවත් නිවාස දෙකකට ද වෙඩි තබා ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘බටුවත්තේ චාමර’ නමැත්තාගේ බිරිඳ පදිංචිව සිටි නිවසයි.

පොලිස් වාර්තාවලට අනුව වෙඩික්කරුවන් විසින් නිවාස තුනක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ල කර පළා ගොස් තිබේ.

අදාළ නිවසේ හිමිකාරිය වන බටුවත්තේ චාමරගේ බිරිඳ මේ වන විට ඩුබායි රාජ්‍යයේ පසුවන අතර, ඇය විසින් මීට මාස දෙකකට පෙර මෙම නිවස රුපියල් 125,000ක මාසික කුලියට වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා ලබා දී තිබේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු සිට ඇති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම නිවස ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද හෙළි වී තිබේ.