Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට

9 months ago

ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවල සිටි නාවිකයන් සහ දැනට රෝහල්ගතව සිටින පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ගෙන ඇති නවතම ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු වාර්තා වේ. මානුෂීය මෙහෙයුම් හරහා බේරාගත් නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් බලධාරීන් මේ වන විට ප්‍රමුඛතාව ලබා දී ඇත.

IRIS Dena නෞකාවේ සිට බේරාගෙන කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවිකයන් 22 දෙනෙකු සුවය ලබා ඇති අතර, ඔවුන්ව වැඩිදුර ආරක්ෂාව සඳහා කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.

තවත් නාවිකයන් 10 දෙනෙකු රෝහල්ගතව සිටින අතර, ඉන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84 දෙනාගේ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු ගාල්ලේදී අවසන් කර ඇත.

පානදුර මුහුදේ රැඳී තිබූ IRIS Bushehr නෞකාවේ සිටි නිලධාරීන් සහ නාවිකයන් 204 දෙනෙකු ගොඩබිමට රැගෙනවිත් වැලිසර නාවික හමුදා කඳවුරේ සුරක්ෂිතව රඳවා තබා ඇත.