Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

9 months ago

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ජනතාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි. දීර්ඝ වේලාවක් හිරු එළියට නිරාවරණය වීම හෝ දැඩි වෙහෙසකාරී ක්‍රියාකාරකම්වල නිරත වීම හරහා ශරීරයේ තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් එවැනි ක්‍රියාවල නිරත වීමෙන් විජලනය සහ ශරීරයේ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීමේ අවදානමක් පවතින බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පවතින අධික උෂ්ණත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සිටීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී:

  • පිපාසය දැනෙන තෙක් නොසිට ප්‍රමාණවත් පරිදි නිතර ජලය පානය කරන්න.
  • එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වන විට හැකි සෑම විටම සෙවණ ඇති ස්ථානවල විවේක ගන්න.
  • සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීමට උනන්දු වන්න.