ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක කාලයක් සඳහා සහන වීසා බලපත්‍ර ලබාදී මානුෂීය රැකවරණය සැලසීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් සහ නාවික නීතිරීතිවලට අනුකූලව, නොබැඳි පිළිවෙතක් අනුගමනය කරමින් මෙම තීරණය ගත් බවත්, මෙහිදී කිසිදු පාර්ශවයකට පක්ෂපාතී වීමක් හෝ පීඩාවක් සිදු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගෝලීය වශයෙන් පවතින යුදමය තත්ත්වයන් හමුවේ විවිධ වක්‍ර බලපෑම් එල්ල වුවද, ජාතික ජන බලවේගය ආණ්ඩුව සැමවිටම ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දැඩි සැලකිල්ලකින් පසුවන බැවින් ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගත යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
