Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

8 months ago

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විශේෂ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන විශේෂ වැඩසටහන් මාලාවකට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

මැනිලා හි නිනෝයි ඇක්විනෝ (Ninoy Aquino) ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා ඇතුළු පිලිපීන රජයේ උසස් නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේ විශේෂම අවස්ථාව ලෙස අග්‍රාමාත්‍යවරිය මැනිලා හි පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. ලෝක මට්ටමේ විද්වතුන් සහ නියෝජිතයින් රැසක් හමුවේ ඇය මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය අදහස් දැක්වීමට නියමිතව ඇත.

කාන්තා දින සැමරුමට අමතරව, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද අග්‍රාමාත්‍යවරිය විශේෂ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.