වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපිය ඒ මහතා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ප්‍රවීණ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා, මෙම නව ධුරයට පත්වීමට පෙර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කළේය.
වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ ප්‍රජා යටිතල පහසුකම් නංවාලීම සඳහා නව රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙතැන් සිට ඒ මහතා වෙත පැවරේ.
