2026 අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ජනවාරි මාසයට අදාළව රුපියල් 10,000 බැගින් වූ දීමනාව මෙලෙස බැර කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කළේය.
මෙතෙක් රුපියල් 7,500ක්ව පැවති දීමනාව මෙවර සංශෝධනයේදී රුපියල් 10,000 දක්වා ඉහළ නංවා තිබේ. විශේෂිත කරුණක් වන්නේ 2025 අප්‍රේල් මාසයේ සිට 2026 ජනවාරි දක්වා වූ කෙටි කාලය තුළ මහපොළ දීමනාව දෙවරක් සංශෝධනය වීමයි. රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා රුපියල් 2,500 බැගින් අවස්ථා දෙකකදී සිදුකළ මෙම වැඩි කිරීම් හරහා වත්මන් රජය ශිෂ්‍යත්ව දීමනාව දෙගුණ කිරීමට පියවර ගෙන ඇත.
